රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට තරුණ ප්‍රජාවගේ සහය අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
මේ දරුණු ආර්ථික අර්බුධයක් තියෙන වේලාවේ තරුණයින්ගේ දක්ෂතාවය අපිට ඉතාමත් වැදගත්. මම මේ රට භාරගත්තේ ඉතාම අභියෝග මැද්දේ. මගේ එකම බලාපොරොත්තුව තමයි මේ රටේ තරුණ පරපුරට අනාගතයක් හදන එක. පසුගිය අප්‍රේල් මාසයේ අපේ තරුණ පරපුර දැවැන්ත පියවරක් ඉදිරියට තිබ්බා. නමුත් පසුව ඒක වෙනත් පිරිසක් විසින් අයිති කර ගත්තා. අන්තිමට ඒක ප්රචන්ඩදත්වයකින් තමයි අවසන් වුනේ. අපි හැමදෙනාම දැන ගන්න ඕනි දෙයක් තමයි ලංකාවේ තියෙන මේ ක්‍රමවේදයට තරුණ පරපුර කැමති නැහැ. හැම දේශපාලඥයෙක්ම අවස්ථාව හැටියට පොරොන්දු ලබා දෙනවා. අනාගතය ගැන කවුරුත් හිතන්නේ නැහැ. අනිත් රටවල් වල මේ වගේ පොරොන්දු දෙන දේශපාලඥයින් නැහැ. අපේ රටේ පොරොන්දු දිලා බලයට ඇවිල්ලා පරාජයට පත්වෙලා ආයෙත් ඊළග පාර පොරොන්දු දිලා බලයට එනවා. අපිට ඇත්තටම රටේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනි යන්න බැහැ තරුණ පුරපුරේ උදව් නැතුව. තරුණ පරපුර වැරදි දේවල් හිතුවොත් ආර්ථිකය කඩා වැටෙන්නත් පුලුවන්. දැන් අපි යම් මට්ටමකින් ආර්ථිකය ගොඩ නංවලා තියෙනවා. නමුත් අපිට ඕන කරන්නේ තරුණ හඩයි.