මත්කරල් පන්දහස් පන්සියයක් සමඟ ආයුර්වේද වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගැනීමට ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ෂණ කාර්යාංශය සමත්වුණා.
ගම්පහ ප්‍රදේශයේ පාසලක ආපනශාලාවකට මත්කරල් ලබාදිමේ සිද්ධියක් සමබ්නධයෙන් පොලිසිය පුළුල් විමර්ශණයක් ආරම් කළා. ඒ අනුව හෙළි වුයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු මෙම මත්කරල් ලබා දී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන්ගෙන් ලද තොරතුරු මත අදාළ ආයුර්වේද වෛද්‍යවරයාගේ නිට්ටඹුව රුක්ගහවිල බෙහෙත් ශාලාව පරීක්ෂාවට ලක් කෙරුණා. එහිදි මත්කරල් 5500ක් සහ රුපියල් ලක්ෂ 55ක මුදලක් ද සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුව ගත් ආයුර්වේද වෛද්‍යවරයා 68 හැවිරිදි වියේ පසුවන්නෙක්. විදුහල් ආපනශාලාවට මත්කරල් දැමිමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂ ක්‍රියාත්මකයි.