මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු දෙමටගොඩ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක දෙකෙහි නිලධාරීන්ට ලැබුණු තොරතුරුකට අනුව සිදුකළ වැටලීමකදියි සැකකරු අත්අඩංගුවට ගැනුනේ. මට්ටක්කුලිය පොලිස් වසමේ දෙමටගොඩ පාළම අසළදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ 08 බෙස්ලයින් පාර ප්‍රදේශයේ පදිංචි 31ක් හැවිරිදි පුද්ගලයෙක්. මට්ටක්කුලිය ප්‍රදේශයේදි පසුගිය 28වන දා මොහොමඩ් බදුර්දීන් මොහොඩ් ෆර්හාන් නැමැති පුද්ගලයා කපා කොටා ඝාතනය කිරිමේ සිද්ධියට මොහු ආධාර අනුබල ලබා දී ඇති බවයි පොලිසිය පවසන්නේ. සැකකරු වැඩිදුර විමර්ෂණ සදහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.