බිත්තරයක් රුපියල් 50ට දෙන එක ගැටලුවක් නැහැ
Related Articles
බිත්තරයක් රුපියල් පනහක මිලකට ලබා දීමට කිසිදු ගැටලුවක් නැති බව බිත්තර නිෂ්පාදන කර්මාන්තකරුවන් පවසනවා.
බිත්තර සැපයුම සම්බන්ධයෙන් අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සමග පැවති සාකච්ඡාවකදීයි ඔවුන් මේ බව කියා සිටියේ. කොරෝනා ව්‍යසනය, ඉන්ධන හිගකම, මෙන්ම සත්ව ආහාරවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් බිත්තර සැපයුම පහත ගිය බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා බිත්තර නිෂ්පාදකයන් සදහා අඩු පොළී අනුපාතයක් යටතේ ණය මුදලක් ලබාදීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නා. එමෙන්ම සමූපකාර ක්ෂේත්‍රය තුලින් රටට විශාල සේවාවක් සිදුවන අතර එම ආයතන නව්‍යකරණය කළ යුතු බවද ප්‍රකාශ කළා.
ඒ ඒ දිස්ත්‍රික්වලට සුවිශේෂ කර්මාන්ත හදුනා ගනිමින් සමූපකාර හරහා එම කර්මාන්ත දියුණු කිරීමට ඉදිරියේදී අවශ්‍ය සහන සලසන බවයි නලින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේ.