ඉරානය රුසියාවේ ප්රබලතම යුද ආධාරකරුවා බව ඇමෙරිකාව පවසනවා.
රුසියාව ඉරානයට පෙර නොවූ විරූ මට්ටමේ මිලිටරි හා තාක්ෂණ සහයෝගයක් ලබා දෙන බව ඇමෙරිකාව චෝදනා කරනවා. ධවල මන්දිරයේ ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි චෝදනා කරන්නේ මෙම සහයෝගය තමන් හෙලාදකින බවයි.
රුසියාව, ඉරාන ඩ්‍රෝන යාත්‍රා යොදාගනිමින් යුක්රේනයේ ඉලක්ක වෙත පහර දෙන බව එක්සත් ජනපදය චෝදනා කරනවා. ඉරානය සහ රුසියාව එකතුව මාරාන්තික ඩ්‍රෝන නිෂ්පාදනය කරන බවටද ජෝන් කර්බි පවසනවා.
ඩ්‍රෝන යාත්‍රාවලට අමතරව හෙළිකොප්ටර් සහ ප්‍රහාරක ජෙට් යානා සම්බන්ධයෙන් ද මෙම රටවල් දෙක සහයෝගීතාවක් ඇති බව ඇමෙරිකාව වැඩිදුරටත් චෝදනා කරනවා.