තනි රෝදයෙන් යතුරුපැදි සහ රෝද දෙකෙන් ත්රීරෝද රථ පැද වූ තරුණයන් හයදෙනෙකු අත්අඩංගුවට ගත්තා.
හොරණ මොරගහහේන ඔලබොඩුව නවම් මාවත ප්රදේශයේදී තරුණයන් පිරිසක් මෙසේ අනතුරුදායක ලෙස යතුරුපැදි හා ත්රීරෝද රථ ධාවනයේ නිරත වන බවට මොරගහහේන පොලීසියට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ.
ඔවුන් හොරණ හා මොරගහහේන ප්රදේශවල පදිංචිකරුවන්. මහජනතාවට පීඩාවක් ඇතිවන අයුරින් හා ඔවුන්ගේ ජීවිතවලට අවදානමක් ඇතිවන ලෙසටයි මෙම ක්රියාවේ නිරතව ඇත්තේ.
තනි රෝදයෙන් යතුරුපැදි ධාවනය කිරීම හා රෝද දෙකෙන් ත්රීරෝද රථ පදවන ආකාරය තවත් පිරිසක් ජංගම දුරකතනවලින් පටිගත කර පොලිසියට ලබා දී තිබෙනවා. අත්අඩංගුවට ගත් එක් අයෙකු වෙනුවෙන් රුපියල් විසිපන්දහස බැගින් දඩ නියම කෙරුණා.
ඔවුන්ගේ රියදුරු බලපත්රද වසරක කාලයකට අත්හිටුවා තිබෙනවා. තරුණයන්ගේ දෙමව්පියන් කැදවා ඔවුන්ටද අවවාද කිරීමට පොලිසිය ක්රියා කළා.