එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා භට කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව ගියා. 2014 සිට සාමසාධක මෙහෙයුම්වලින් ඩොලර් මිලියන 120 ක් භාණ්ඩාගාරය වෙත ලබාදීමට හැකි වූ බවයි ගුවන් හමුදාව පවසන්නේ.
මධ්‍යම අප්‍රිකානු ජන රජයේ සාමසාධක රාජකාරී සදහා මෙලෙස පිටත්ව ගිය ගුවන් හමුදා භට කණ්ඩායම සාමාජිකයන් 109 දෙනෙකුගෙන් සමන්විත වුණා. මෙම පිරිස කටුනායක ගුවන්තොටුපලෙන් පිටත්ව යද්දි එරට සාමසාධක රාජකාරී නිමකර ගුවන් හමුදවේ 75 දෙනෙකු යළි දිවයින පැමිණීම ද සිදු කෙරුණා.දිවයිනට පැමිණි පිරිස පිලිගැනීම සහ පිටත්ව යන පිරිසට සුබපැතීමට ගුවන් හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් ගුවන්තොටුපලට පැමිණ සිටියා.