බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුට තවත් බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
බිත්තර ප්‍රහාරය එල්ල කළ 20 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
බ්‍රිතාන්‍ය කිරුළ හිමිවීමෙන් පසු චාල්ස් කුමරුන්ට බිත්තර ප්‍රහාරයක් එල්ල වුණු දෙවැනි අවස්ථාව මෙයයි.
චාලස් රජු උතුරු දිග ලන්ඩනයේ ලුටොන් නගරයේ ප්‍රජා නායකයින් සහ නගර වැසියන් හමුවෙමින් සිටිය අවස්ථාවේ දී මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා.
කෙසේවෙතත් එල්ල කළ බිත්තරය, රජුගේ සිරුරේ නොවැදුණු බවයි පොලිසිය පවසන්නේ.