fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආජන්ටිනා උප ජනාධිපතිනි ක්‍රිස්ටිනාට වසර 6ක සිර දඬුවමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2022 11:06

ආජන්ටිනා උප ජනාධිපතිනි ක්‍රිස්ටිනාට වසර 6ක සිර දඬුවමක්

ආජන්ටිනාවේ උප ජනාධිපතිනි ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් හට වසර 6ක සිර දඬුවමක් නියම කෙරුණා.

ඒ ඇය සිය හිතවතෙකුට ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බවට එල්ල වූ චෝදනාවලට වරදකරුවීම හේතුවෙන්.

සිර දඩුවමක් නියම වුවද ඇය සිරගත නොවනු ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

එහෙත් ඇයට සිය ධූර කාලයෙන් පසුව යළිත් රජයේ කිසිඳු නිලයක් දැරීමට නොහැකි වනු ඇති බව විශ්ලේෂකයින් පවසනවා.

උප ජනාධිපතිනි ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් මේ සඳහා අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ආජන්ටිනාවේ උප ජනාධිපතිවරයෙකු ධූරයේ සිටියදී අපරාධයකට වරදකරු වූ පළමු අවස්ථාව ද මෙයයි.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2022 11:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්