ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (ත්‍රිකුණාමලය සිට කි.මී. 320ක් පමණ ඊසාන දෙසින්) ස්ථාපිත වී පවතින පීඩන අවපාතය, තවදුරටත් බටහිරට බරවවයඹ දෙසට ගමන් කර දෙසැම්බර් 7 සවස් වන විට ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට හැකියාවක් ඇත.එම පද්ධතිය දෙසැම්බර් 08 වන දින වන විට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් උතුරු-තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළට වෙත ළඟා වීමට ඉඩ ඇත.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතී.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි. මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං බලාපොරොත්තු වේ
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (ත්‍රිකුණාමලය සිට කි.මී. 320ක් පමණ ඊසාන දෙසින්) ස්ථාපිත වී පවතින පීඩන අවපාතය, තවදුරටත් බටහිරට බරවවයඹ දෙසට ගමන් කර දෙසැම්බර් 7 සවස් වන විට ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට හැකියාවක් ඇත.එම පද්ධතිය දෙසැම්බර් 08 වන දින වන විට නිරිතදිග බෙංගාල බොක්කමුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් උතුරු-තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළට වෙත ළඟා වීමට ඉඩ ඇත.එම පද්ධතියේ බලපෑමෙන්දෙසැම්බර් 07, 08 සහ 09 යන දින වලදී දිවයිනට උතුරු සහ නැගෙනහිරදෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වලවිටින් විට තද සුළං සමග තද වැසි ඇති විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක.
මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වලට සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ වලට නැවත දැනුම්දෙන තෙක් යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය : කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකළපුව, පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සුළඟ : දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංඋතුර සිට වයඹ දක්වා වන දිශා වලින් හමා එයි.
කන්කසන්තුරය සිටත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වාවන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වන අතර විටින් විට පැ.කි.මී. (60-70) පමණදක්වා වැඩි විය හැක.දිවයින වටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වන අතර විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය : කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වාවන මුහුදු ප්‍රදේශඉතා රළු වේ. දිවයින වටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වන අතර විටින් විට තරමක් රළු වේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2022-12-07 | |||
නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 29 | 23 | 95 | 75 | විටින් විට වැසි |
මඩකලපුව | 29 | 24 | 95 | 85 | විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
කොළඹ | 29 | 24 | 95 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ගාල්ල | 30 | 24 | 95 | 80 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
යාපනය | 30 | 24 | 90 | 80 | වැසි වාර කිහිපයක් |
මහනුවර | 28 | 20 | 95 | 70 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
නුවරඑළිය | 19 | 12 | 95 | 70 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
රත්නපුරය | 31 | 23 | 95 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ත්‍රිකුණාමලය | 30 | 24 | 95 | 85 | විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
මන්නාරම | 30 | 24 | 95 | 75 | වැසි ස්වල්පයක් |