fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2022 10:02

ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹේ

ශ්‍රී පාද වන්දනා සමය අදින් ආරම්භ වුණා. ආරම්භක දිනයේම වන්දනාකරුවන් විශාල පිරිසක් වන්දනාවේ නිරතවන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

2019 – 2020 වසර සදහා ශ්‍රී පාද වන්දනා වාරය අද උදෑසන ආරම්භ වූයේ උඩමළුවේ පැවති විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුවයි.

ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම ආගමික වතාවත් සිදුකෙරුණා.

සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ හා පූජා භාණ්ඩ අද අලුයම වනවිට උඩමළුව වෙත වැඩම කරවනු ලැබුවා.

ශ්‍රී පාදස්ථානය පූජා නගරයක් බවට පත්කිරීමත් සමග තායිලන්තයේ සිට මෙරටට වැඩම කළ බුද්ධ ප්‍රතිමාව ද වන්දනාමාන සදහා උඩමළුවේ තැන්පත් කිරීම සිදුකෙරුණා.

ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් මෙන්ම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද සළසා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2022 10:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්