ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදය නිසි පරිදි විසදාලීම සදහා කටයුතු කරන මූල්‍ය ආයතනවලට චීනයේ සහාය හිමිවන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාවෝ කින් මහත්මිය පවසනවා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමිනුයි ඇය මේ බව සදහන් කළේ.
චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර ආර්ථික හා මූල්‍ය ආයතන සමග දිගුකාලීන ශක්තිමත් සහයෝගයක් පවතින බවයි ඇය සදහන් කරන්නේ. ශ්‍රී ලංකාවේ ණය අර්බුදය සැලකූවිට එම දුෂ්කරතා සහ අභියෝග චීනය ඉහළ වැදගත්කමකින් සලකන බවට ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකවරිය පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවේ ගැටලු විසදා ගැනීමට ක්‍රියාත්මක වන මූල්‍ය ආයතනවලට චීනය සහාය දෙන බවද ඇය සදහන් කළා. ඒ සදහා ශ්‍රී ලංකාව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පැකේජ අපේක්ෂා කරන රටවල් පිළිබද සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ලෝක බැංකු ප්‍රධානීන්ට ආරාධනා කර ඇති බවද චීන විදේශ අමාත්‍යංශය පවසනවා.