ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග සදහා සුදුසුකම් ලබා ගැනීමට බ්‍රසීලය හා ක්‍රොඒෂියාව සමත් වුණා.
ඉතා තියුණු මුහුණුවරක් ගත් ක්‍රොඒෂියාව හා ජපානය අතර තරගයේ මුල් අර්ධය නිමාවට පත්වූයේ ගෝල එකට බින්දුවක් ලෙස ජපානය පෙරමුණ ගනිමින්. තරගයේ 55 වන මිනිත්තුවේ දී ක්‍රොඒෂියාවේ ඉවාන් පෙරිසික් වාර්තා කළ ගෝලයත් සමග ලකුණු එකට එකක් ලෙස ගෝල සම තත්ත්වයට පත්වුණා. ඉන් පසුව තරගයේ නියමිත කාලය හා අතිරේක කාලය තුළදී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකිවීම හේතුවෙන් තරගය ජය පැරදුම තීරණය කළේ දඩුවම් පහර මගින්. එහිදී ක්‍රොඒෂියාව දඩුවම් පහර 3 ක් සාර්ථක කර ගනිමින් තරගය ජයග්‍රහණය කළා. ජපානයට සාර්ථක කරගත හැකිවූයේ එක් දඩුවම් පහරක් පමණයි.
බ්‍රසීලය හා දකුණු කොරියාව අතර පැවති තරගය බ්‍රසීලය ගෝල 4 ට එකක් ලෙස පහසුවෙන් ජය ගත්තා. පළමු අර්ධයේදීම බ්‍රසීලය ගෝල 4 ක් ලබාගත් අතර දකුණු කොරියාවට පලමු අර්ධයේදී ගෝල ලබාගැනීමට හැකිවූයේ නැහැ. දෙවන අර්ධයේ දී දකුණු කොරියාව ගෝලයක් ලබාගත්ත ද බ්‍රසීල ක්‍රීඩකයන්ට තර්ජනයක් වීමට එය ප්‍රමාණවත් වූයේ නැහැ. ඒ අනුව ගෝලට 4ට එකක් ලෙස තරගය ජයගත් බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගත්තා.