අයිස් මත්ද්‍රව්‍ය සහ මත්කරල් සමඟ සැකකරුවන් 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ හොරණ කඳවුරේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුවයි වැටලීම සිදු කළේ. ඒ මිල්ලනිය පොලිස් වසමේ මිල්ලනිය වත්ත සහ පරගස්තොට ප‍්‍රදේශවලදීයී. අයිස් මත්ද්‍රව්‍ය සහ මත් කරල් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 ත් 33 ත් අතර පසුවන්නන්. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 යි මිලිග්‍රෑම් 580 ක් සහ මත් කරල් 120 ක් මෙහිදී අත්අඩංගුවට ගැනුනා. වැඩිදුර පරික්ෂණ සදහා සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය මිල්ලනිය පොලීසියට භාර දුන් බවයි විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.