පාර්ලිමේන්තු අය වැය කාර්යාලය පිහිටුවීම සදහා වන පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා.
අය වැය කාර්යාලය පිහිටුවීම සදහා වන මූලික කෙටුම්පත මීට පෙර අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී සළකා බැලීම සදහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. එය පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කර අදහස් ලබාගැනීමට ද තීරණය කෙරුණා. එම අදහස් ද සැළකිල්ලට ගනිමිනුයි නව පනත් කෙටුම්පත සකස් කිරීමට තීරණය කෙරුණේ.