fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව වසරේ පාර්ලිමේන්තු පළමු රැස්වීම ජනවාරි 17 වැනිදා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2022 18:37

නව වසරේ පාර්ලිමේන්තු පළමු රැස්වීම ජනවාරි 17 වැනිදා

ලබන 10 වැනි සෙනසුරාදා වෙනුවට 13 වැනි අගහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද
කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.

ලබන 10 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමටත් එදින සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටත් මීට පෙර තීරණය වී තිබිණි.

මේ අනුව 13 අගහරුවාදා සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කොට ඇති අතර පෙර තීරණය කළ පරිදි 9 වැනි සිකුරාදා, එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය
ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වය දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වීමට නියමිත බවද මහලේකම්වරයා පැවසීය.

තවද ලබන 8 වැනිදා පැවැත්වීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම ප.ව 5.00 ට පැවැත්වීමට ද කාරක සභාවේ එකඟත්වය පළවී තිබේ.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ 2022.12.03 දිනැති 2308/62 අංක දරන ගැසට් පත්‍රයේ සදහන් නියමය ද අනුමතිය සදහා
ලබන 8 වැනිදා ඉදිරිපත් කිරීමටද මෙහිදී තීරණය වී ඇත.

එසේම ලබන 13 වැනිදායින් පසු නැවත 2023 ජනවාරි 17 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණ වූ බව මහලේකම්වරයා පැවසීය.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2022 18:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්