fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩොලර් ගෙවල් හයක් විකුණයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2022 16:17

ඩොලර් ගෙවල් හයක් විකුණයි

නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ඩොලර්වලට අලෙවි කිරිමේ වැඩ පිළිවෙල යටතේ නිවාස හයක් මේ වන විට අලෙවි කර තිබෙනවා. මෙම වැඩපිළිවෙල යටතේ ලබන වසරේදි ඇමෙරිකා ඩොලර් මිලියන දෙකක ආදායමක් උපයා ගැනීම අපේක්ෂාව බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඩොලර්වලට අලෙවි කෙරෙනවා. මේ යටතේ නිවාස 6ක් අලෙවි කිරිමෙන් ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ හැත්තෑහයදහස් හයසියපනහක් උපයා තිබෙනවා. තවත් නිවාස 10ක් මිළදි ගැනීමට ඉල්ලුම්පත් ලැබී ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. වසර අවසන් වන විට ඩොලර් තුන්ලක්ෂ පනස් දෙදහස් අටසියක් ඉපැයීමයි අපේක්ෂාව. මෙම නිවාස අලෙවි වී ඇත්තේ පන්නිපිටිය වීර මාවතේ පිහිටි වියත්පුර නිවාස සංකීර්ණයෙනුයි.

www.uda.gov.lk වෙබ් අඩවියට පිවිසිමෙන් හෝ 0777794016 අංකය ඇමතීමෙන් ඒ පිළිබද වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2022 16:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්