fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

G7 රටවල් රුසියානු බොරතෙල් සදහා පැනවු මිළ සීමාව අද සිට ක්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2022 12:27

G7 රටවල් රුසියානු බොරතෙල් සදහා පැනවු මිළ සීමාව අද සිට ක්‍රියාත්මකයි

G7 රටවල් රුසියානු බොරතෙල් සදහා පැනවු මිළ සීමාව අද සිට ක්‍රියාත්මක කෙරෙනවා.

කෙසේ වුවද ඊට ප්‍රතිචාර දක්වමින් රුසියාව ප්‍රකාශ කළේ තමන් නියම කරන මිළට බොරතෙල් මිළදි නොගන්නේ නම් අදාළ රටවලට ඉන්ධන සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බවයි.

රුසියානු බොරතෙල් බැරලයක් ඩොලර් හැටක උපරිම මිළ සීමාවක් යටතේ මිළ දී ගැනීමට ජී 7 සමුළුව නියෝජනය කරන රාජ්‍ය නායකයින් පසුගියදා තීරණය කළා. ජී 7 රටවල මෙම තීරණයත් සමග ඉන් රුසියානු ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව විදෙස් විචාරකයින් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මේ වන විට ලෝක වෙළදපොලේ බේරෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියය 1කින් වැඩි වීමත් සමඟ ලෝක වෙළදපොලේ බේරෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 86ට වැඩි බවයි වාර්තා වන්නේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2022 12:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්