fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිස්ත්‍රික්ක 5කට නායයාම් පූර්ව අනතුරු ඇඟවීම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2022 09:09

දිස්ත්‍රික්ක 5කට නායයාම් පූර්ව අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 5කට නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක , ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ , කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ වරකාපොළ , රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ ඇලපාත යන ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමේ 1 මට්ටම ( විමසිලිමත්වීම- කහ ) නිවේදනය නිකුත් කර තිබේ.

මෙම නිවේදනය ඊයේ (4) දින පස්වරු 7 සිට අද (5) පස්වරු 7 දක්වා බල පැවැත්වෙන බව ද එම සංවිධානය ජනතාවට දැනුම් දෙයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2022 09:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්