මෙම වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා වු කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ඇමෙරිකා ඩොලර් මිලියන එක්දහස් එකසිය විසිනවයයි දශම හතරක් උපයා ඇති බව මහ බැංකු වර්තා පෙන්වාදෙනවා.
මෙම වසරේ නොවැම්බර් මාසයේ දි පමණක් මෙරට සංචාරක කර්මාන්තයෙන් උපයා ගෙන ඇති ආදායම ඇමෙරිකා ඩොලර් මිලියන 107.5ක්. නොවැම්බර් මාසයේ දි මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව පනස්නවදහස් හත්සිය පනස් නවයක්. එය පසුගිය ඔක්තෝබර් මාසයට සාපේක්ෂ සියයට හතලිස් දෙකක වර්ධනයක් බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ. මෙම වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව හයලක්ෂ විසිඅටදහස් දහතක් වනවා. මෙසේ සංචාරක කර්මානත්යෙන් මාස 11ක් තුළ ඇමෙරිකා ඩොලර් මිලියන එක්දහස් එකසිය විසිනවයයි දශම හතරක් උපයා ගැනීම යහපත් ප්‍රවණතාවක් බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.