විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු කිලිනොච්චිය ප්රදේශයේ දි පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පහරදීම්, කොල්ලකෑම් හා බියවැද්දීම් ආදී චෝදනා යටතේ එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. උතුරු පළාතේ පොලිස් ස්ථාන කිහිපයකටම මොවුන් සම්බන්ධයෙන් විවිධ පැමිණිලි ලැබී තිබුණා. ඒ අනුව සිදුකළ පරීක්ෂණවලින් අනතුරුවයි සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ. ඔවුන් අක්කරායන්කුලම් හා කිලිනොච්චි ප්රදේශවල පදිංචිකරුවන් වන අතර අවුරුදු 21ත් 31ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන්. තියුණු ආයුධයකින් පුද්ගලයෙකුට පහරදි තුවාල සිදු කිරීම, නිවෙස් කොල්ලකෑම් යතුරු පැදි හා මුදල් කොල්ලකෑම් ආදී අපරාධ රැසක් මොවුන් සිදු කර ඇති බව මේවන විට හෙළි වී තිබෙනවා.