ඉන්දුනිසීයාවේ සෙමේරු ගිනිකන්ද පුපුරා ගොස් තිබෙනවා.
ඉන්දුනිසීයාවේ ජාවා දූපතේ සෙමේරු ගිනිකන්ද පුපුරා යාම හේතුවෙන් සුනාමි අවදානමක් පවතින බව ජපාන කාළගුණ ඒජන්සිය පවසනවා. සෙමේරු ගිනි කන්දේ සිට කිලෝමීටර 5ක් පමණ අවට සිටින ජනතාව මේ වන විට ඉවත් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. ගිනි කන්දෙන් මේ වන විට අළු සහ දුම පිටවෙමින් පවතිනවා. සෙමේරු ගිනි කන්ද 3 වන මට්ටමේ අනතුරුදායක තත්වයක පවතින බවයි ජනතාවට අනතුරු අඟවා තිබෙන්නේ.