රට අතහැර නොයන්නැයි ජනපති තරුණ ප්‍රජාවගෙන් ඉල්ලයි
Related Articles
රට අතහැර නොයන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. කෙටි කළක් තුළ අර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්නා බවත් තරුණයන්ගේ දායකත්වය ඊට අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිතුමා පවසනවා.
ආයෝජන ව්‍යාපෘති සඳහා සේවා සපයන ආයතන අකාර්යක්ෂම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඇතැම් රටවල දින තුනෙන් අවසන් වන වැඩකොටස් සඳහා මෙරට වසරකට වැඩි කාලයක් ගෙවා දමන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.මෙවර අයවැය පිළිබඳ තරුණ ප්‍රජාව සංවිධාන කළ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ පිළිබඳ කරුණු පැහැදිලි කළේ.