චීන මහජන සමූහාණ්ඩුවේ හිටපු ජනාධිපති ජියෑන් සෙමින් මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මිය ශෝකය පල කළා.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වෙත ඊයේ පැමිණි ජනාධීපතිතුමා එහි තබා ඇති ශෝක සටහන් පොතෙහි විශේෂ සටහනක් තබමින් අභාවප්රාප්ත ජියෑන් සෙමින් මහතා වෙනුවෙන් ශෝකය සනිටුහන් කළා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සදහන් කළේ හිටපු චීන ජනාධිපතිවරයා සිය රට වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ විශිෂ්ඨ නායකයෙකු බවයි.