ඇමෙරිකා එක්සත් ජනපදය නිෂ්පාදනය කළ බි 21 වර්ගයේ බෝම්බ හෙළන නවතම ප්‍රහාරක යානාව එළිදක්වා තිබෙනවා.
අධිතාක්ෂණයෙන් යුක්තව නිෂ්පාදනය කර ඇති මෙම ප්‍රහාරක යානාවේ නිරවද්‍යතාව ඉතා ඉහළ බවයි විශේෂඥයන් පවසන්නේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා හිදී එය එළිදැක්වීම සිදු කෙරුණා. 2600කට වැඩි කාර්ය මණ්ඩලයක් වසර 7කට වැඩි කාලයක් සිදුකළ වෙහෙසීමකින් පසුවයි මෙම බෝම්බ ප්‍රහාරක යානය නිෂ්පාදනය කිරීමට හැකිවී ඇත්තේ. කෙසේ වෙතත් මෙහි අභ්‍යන්තර තොරතුරු තවමත් හෙළිදරව් කිරීමට නිෂ්පාදකයන් පියවර ගෙන නැහැ.