නව ආයෝජන ගිවිසුම් 4ක් සඳහා අත්සන් තැබේ
Related Articles
2022 වසරේ අපේක්ෂා කළ ආයෝජන ඉලක්කවලින් සියයට හැත්තෑ එකක් සම්පූර්ණ කර ගැනීමට හැකිවී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
නව ආයෝජන ගිවිසුම් 4ක් සදහා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී අත්සන් තැබීමේ අවස්තාවට එක්වෙමිනුයි දිලුම් අමුණුගම මහතා මේ බව සදහන් කළේ.
මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා ඇමෙරිකා ඩොලර් මිලියන 713ක සෘජු විදේශ ආයෝජන රට තුළට පැමිණ ඇති බව අමාත්‍යවරයා හෙළිකළා. ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා ආයෝජන මණ්ඩලයේ ආයතන මගින් ඇමෙරිකා ඩොලර් මිලියන 7909 ක මුදලක් උපයාගෙන ඇති බවද ඔහු පෙන්වා දුන්නා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මේ වන විට විදේශ ආයෝජකයන් සමග ගිවිසුම් 123කට එළඹ තිබෙනවා.