පොල්පිතිගම පෝරුවාව විහාරස්ථානය අසල කුඹුරු යායක දමාගොස් සිටි එක්දිනක් වයසැති කුඩා බිළිඳියක රෝහල් ගත කිරීමට පොලීසිය කටයුතු කළා.
පොල්පිතිගම පොලීසියට ලැබුණු නිර්ණාමික දුරකතන ඇමතුමකට අනුව ක්රියාත්මක වූ ස්ථානාධිපතිවරයා ප්රමුඛ කණ්ඩායම මෙම බිළිඳිය සොයා ගෙන තිබෙනවා. පසුව මෙම දරුවා පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා. බිළිඳිය කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.