පුටිං හමුවීමට බයිඩින් සැරසේ
Related Articles
රුසියා යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා තමන් රුසියා ජනාධිපති බැල්ක්මේඩ් පුටිං හමුවීමට සුදානම් බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩින් පවසනවා. ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදි ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් එක්සත් ජනපදයේ දින තුනක සංචාරයකට පැමිණ සිටිනවා. ප්‍රංශ ජනාධිපතිවරයෙකු 2018 වසරෙන් පසුව ඇමෙරිකාවේ සංචාරයේ නිතර වන දෙවන අවස්ථාව මෙය වනවා. ඊයේ දිනයේදී ධවල මන්දිරයේදී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් විසින් ප්‍රංශ ජනාධිපතිවරයා පිලිගනු ලැබුවා. අනතුරුව රාජ්‍ය නායකයන් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එහිදී විශේෂයෙන්ම යුක්රේන රුසියා අර්බුදය ගැන අදහස් පලකළා. මාධ්‍ය හමුවේදී යුක්රේනය සහ රුසියාව අතර සාමගිවිසුමක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව රාජ්‍ය නායකයන් දෙදෙනා පැහැදිලි කළා. යුක්රේනය සාමගිවිසුමක් සදහා කොන්දේසි නියම කළ පසු තමන් රුසියානු ජනාධිපති පූටින් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවයි ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේ.
යුක්රේන රුසියා යුද්ධයේ දි මේ වන විට යුක්රේන සෙබළුන් දසදහසක් , දහතුන්දහසක් අතර පිරිසක් මිය ගොස් ඇති බව යුක්රේන ජනාධිපතිවරයාගේ උපදේශක මෙකයිලෝ පොඩොල්යැක් සඳහන් කරනවා. ඔහු පවසන අන්දමට පසුගිය ජුනි මාසයේ දෛනිකව සෙබළුන් සියත් – දෙසියත් අතර පිරිසක් මියගොස් තිබෙනවා. මේ අතර රුසියා වාර්ථා පෙන්වා දෙන්නේ මෙම යුද්ධයෙන් තම සෙබළුන් නවදහසකට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි. කෙසේ වෙතත් යුක්රේනය පෙන්වා දෙන්නේ මියගිය රුසියා සෙබළුන් සංඛ්‍යාව ලක්ෂයකට වඩා වැඩිවිය යුතු බවයි.