fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බන්ධනාගාරවල පවතින තදබදය අවම කරගන්න නීති සම්පාදනයට පියවර

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2022 13:07

බන්ධනාගාරවල පවතින තදබදය අවම කරගන්න නීති සම්පාදනයට පියවර

බන්ධනාගාරවල පවතින තද බදය හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරන පිරිස නිවාස අඩස්සියේ බන්ධනාගාර ගත කිරීමට හැකිවන ලෙස නීති සම්පාදනය කරන බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා.

බන්ධනාගාර ක්ෂේත්‍රය හා සම්බන්ධයෙන් නීති රැසක් සම්පාදනය කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටිනවා. වැලිකඩ බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. වැලිකඩ බන්ධනාගාරයේ රැදවුවන් දහතුන්දහසක් රැඳවිය හැකි වුවද මේ වන විට එහි විසිහයදහසක් පමණ සිටින බවයි මෙහිදි හෙළිවුණේ. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද අනුරාධ ජයරත්න මහතා මෙහිදි ප්‍රකාශ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2022 13:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්