fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුරුණෑගල ශික්ෂණ රෝහලට වෛද්‍ය උපකරණ තොගයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2022 11:09

කුරුණෑගල ශික්ෂණ රෝහලට වෛද්‍ය උපකරණ තොගයක්

කුරුණෑගල ශික්ෂණ රෝහලට අවශ්‍ය කෙරෙන ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කෙරුණා.

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව, කැනඩාවේ ටොරොන්ටො මෙඩිකේඩ් ආයතනය හා කැනඩාවේ මිසසාගා විහාරස්ථානය එක්වයි මෙම ඖෂධ හා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කර තිබෙන්නේ.

පූජ්‍ය රජවැල්ලේ සුභූති ස්වාමින් වහන්සේට ලැබුණු පරිත්‍යාග මෙසේ කුරුණෑගල ශික්ෂණ රෝහලට ලබා දී තිබෙනවා.

එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සංජීවනි රාජකරුණා, වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සංජීව බෝවත්ත යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2022 11:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්