fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් රැසක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2022 09:48

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් රැසක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් රැසක් ප්‍රදේශ කිහිපයකදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොච්චිකඩේ පොලිස් මූලස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීම් දෙකකදි හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 300ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පෑලියගොඩ වනවාසල ප්‍රදේශයේදී කළ තවත් වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 780ක් සමග සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. 21 හැවිරිදි මෙම සැකකරු කැළණිය ප්‍ර දේශයේ පදිංචිකරුවෙක්. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 500ක් ළග තබා ගෙන සිටි තවත් සැකකරුවෙකු පන්නිපිටිය කලල්ගොඩ ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලංගම පොලිසියේ නිලධාරීන් කළ වැටලීමකදීයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2022 09:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්