ලෝක වෙළෙදපොළේ තත්ත්වයන් සළකා බැලීමේදී මේ මොහොතේ විදුලිබිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් මතුව නොමැති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. විදුලි බිල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අද අදහස් පළ වුණා.
කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ලෝක වෙළෙදපොලේ ඉන්ධන සහ ගල් අගුරු මිල පහත වැටීමත් සමග විදුලිබිල ඉහළ නැංවීමට මේ මොහොතේ අවශ්‍ය නොවන බවයි.
කෙසේ වෙතත් වසරකට දෙවරක් විදුලිබිල ඉහළ නැංවිය යුතු බවට යෝජනාවක් ලැබී ඇති බව ඔහු කියා සිටියා. රටේ කාලගුණ තත්ත්වයන් අනුව වසරකට දෙවරක් විදුලිබිල ඉහළ නැංවීමටයි යෝජනා වී ඇත්තේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/UbJUTg89sQY”]