කාන්තාවන්ට නිසි තැන ලබාදෙන්න නව නීති ගෙන ආ යුතු බව ජනපති පවසයි
Related Articles
පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් කාන්තාවන්ට නිසි තැන ලබා දීම සදහා නව අණ පනත් සහ නීති සම්පාදන කටයුතු සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා.
අධ්‍යාපන, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම්, යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබද විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. මන්ත්‍රීවරියන් සියලු දෙනා තැඹිලි පැහැති ඇදුමින් සැරසී අද පාර්ලිමේන්තුවට පැමිණ සිටීම විශේෂත්වයක්.
මේ අතර ආදායම් බදු වාර්තා ගොනු කිරීමට සමාගම් සදහා සතියක සහන කාලයක් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.