ඕමාන මිනිස් ජාවාරම් සිද්ධියට සම්බන්ධ සැකකාරියක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
Related Articles
ඕමානයේ රැකියා සදහා ගිය කාන්තාවන් ලිංගික සේවාවන් සහ මිනිස් ජාවාරම්වල යෙදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි සැකකාරියකගේ ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය නිකුත් කළේ. අදාළ සැකකාරිය ලබන 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළා.
අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සදහන් කළේ ආශා දිසානායක නමැති සැකකාරිය ඇප මත මුදා හැර සිටීම විමර්ශන කටයුතුවලට බාධාවක් බවයි.
සිද්ධිය සම්බන්ධ සෙසු සැකකරුවන්ද ලබන 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.