ලක්ෂ හතරකට අධික වටිනාකමින් යුත් සුදු හදුන් දර තොගයක් තම සන්තකයේ තබා ගත් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අම්පාර නුවරපාරේ දෙකේ කණුව ප්රදේශයේ සිදු කළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු සුදු හදුන් දැව කැබලි කිලෝ 17ක් ත්රීරෝද රථයකින් ප්රවාහනය කරමින් සිටි බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.