ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබා දෙන බවට ලෝක බැංකු නිලධාරීන් යළි සහතික වුණා. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකදීයි.
ලෝක බැංකුවේ මෙරට අධ්යක්ෂ චියෝ කන්දා මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වුණා.
වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට ගෙන ඇති නව මූල්‍ය හා අනෙකුත් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කළා.
අඛණ්ඩ මධ්‍යකාලීන හා දිගුකාලීන ප්රයත්නයන්ගේ අවශ්‍යතාවද ලෝක බැංකු නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයා හමුවේ අවධාරණය කළා.
මුල්‍ය සහ අනෙකුත් ප්‍රතිසංස්කරණ කඩිනමින් කැබිනට් මණ්ඩලයෙන් හා පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට හැකි වනු ඇති බවටද ලෝක බැංකු නියෝජිත පිරිස විශ්වාසය පළ කළා.
ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන යහපත් ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අපේක්ෂිත ඩොලර් බිලියන දෙකයි දශම නවයක ණය මුදල කඩිනමින් ලැබෙනු ඇති බවටද එම නියෝජිත පිරිස විශ්වාසය පළ කළා.
ආර්ථික අභියෝග ජය ගැනීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ලෝක බැංකු නියෝජිත පිරිසට කරුණු පැහැදිලි කළා.