දේශගුණික විපර්යාසවලට විසදුම් ලබාදිය හැකි රටවල් ඒ සදහා සෘජුව මැදිහත් නොවීම අනාගත මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
කෝප් 27 ගිවිසුම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
මානව වර්ගයාගේ අනාගතයට ඇති විශාලතම තර්ජනය වන දේශගුණික විපර්යාසවලට මුහුණ දිමට කෝප් යටතේ වසර 27 ක් ලෝක නායකයින් එක්ව සිටිනවා.
එහෙත් කෝප් ක්‍රියාවලිය මගින් එකග වී ඇති පරිදි දේශගුණික ක්‍රියාකාරකම් පිළිබද විශ්වීය හා සහයෝගී සැලැස්මක් ක්‍රියාවට නැංවීමට අප මුල පුරා නැහැ.
සමුළුවේදි ඇති කර ගත් එකගතාවන් අනුපූරක සහ ප්‍රගතශීලී පිළියමක් කරා ලෝකයේ ජාතින් යොමු කිරීමට අපොහොසත් වි ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.
කණගාටුවට කරුණ නම් සාර්ථකත්වයට ඇති ලොකුම බාධාව දේශපාලනීකරණය සහ කල්මරමින් සිටීමයි. එමෙන්ම සමුළුවේ අවසන් ප්‍රතිඵලය කණස්සලුදායක බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.
හානි හා අලාභ අරමුදල නිවැරදි දිශානතියේ පියවරක් වුවත් ඒ සදහා අවශ්‍ය මූල්‍ය දායකත්වය සැපයීම සදහා වගකිවයුතු ජාතීන් හදුනා ගැනීමේදී දැඩි අතපසුවීමක් සිදුව තිබෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ප්‍රකාශයෙන් පෙන්වා දී තිබෙනවා.
අරමුදල පිහිටුවීමේ මූලාශ්රවල වගකීම හෝ වන්දි පිළිබද ප්‍රතිපාදන ඇතුළත්ව නැහැ. එහෙයින් ජී 77 රටවල හානි හා අලාභ අරමුදල එහි පූර්ණ විභවතාවයෙන් ක්‍රියාත්මක කිරීම සදහා මෙම අඩුපාඩු සපුරාලීමේ ව්‍යාපාරය අඛන්ඩව සිදුකරගෙන යාමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
මෙම සමුළුව අර්ථවත්වීමට නම් කෝප් විසිඅටෙහි තිරසර ප්‍රතිපත්තියක් ලබා ගත යුතුයි. එසේ නොමැති නම් කෝප් විසුරුවා හැරීම වඩා සුදුසු බවත් මේ ආකාරයට පත්වාගෙන යා යුතු නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අවධාරණය කර තිබෙනවා.