fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෘෂිකර්මයේ අතිරේක මාණ්ඩලික නිලධාරීන් වෙනත් ආයතනවලට අනුයුක්ත කරන්නැයි ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 30, 2022 11:09

කෘෂිකර්මයේ අතිරේක මාණ්ඩලික නිලධාරීන් වෙනත් ආයතනවලට අනුයුක්ත කරන්නැයි ඉල්ලීමක්

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක මාණ්ඩලික නිලධාරීන් වෙනත් ආයතනවලට අනුයුක්ත කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.

වියදම් කළමනාකරණය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය මුල්කරගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක මාණ්ඩලික නිලධාරීන් සියලු දෙනා කඩිනමින් වෙනත් ආයතන වෙත අනුයුක්ත කරන ලෙසයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉල්ලීම් කර ඇත්තේ.

ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කරන අතිරේක ලේකම්වරියක් ඇතුළු අංශ ගණනාවක නිලධාරීන් වෙනත් ආයතන සඳහා අනුයුක්ත කෙරෙනු ඇති.

එකම අමාත්‍යාංශයක් තුළ සංවර්ධන අංශ තුනක්, පාලන අංශ තුනක්, ගිණුම් අංශ තුනක්,  ප්‍රවාහන අංශ තුනක් ආදී වශයෙන් පවතින අතර ඒ අනුව නිලධාරීන් විශාල පිරිසක් රාජකාරි නොමැතිව සිටින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

ඒ අනුව වියදම් කළමනාකරණය පිළිබඳ රාජ්‍ය  ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිම දුෂ්කර වී ඇති බව පෙන්වා දෙන මහින්ද අමරවීර මහතා ඉහත ක්‍රියාමාර්ගය ගැනීම අත්‍යවශ්‍ය බවද අවධාරණය කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 30, 2022 11:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්