fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

A 9ක් ලබාගත් සිසුවාගේ ශරීරයට ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2022 19:33

A 9ක් ලබාගත් සිසුවාගේ ශරීරයට ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ නවයක් ලබාගත් මහනුවර සිසුවාගේ ශරීරයට ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් 2 ක් යොදවා තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

විභාග ප්‍රතිඵල දැනුම්දීම සදහා සිය මිත්තණියගේ නිවසට ගොස් යළි එමින් සිටියදී මෙම සිසුවා හා පුද්ගලයෙකු අතර බහින්බස්වීමක් සිදුව තිබෙනවා. එම පුද්ගලයා මෙම සිසුවාට භූමිතෙල් ගසා ගිනි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ. පිලිස්සුම් තුවාල ලැබූ සිසුවා මේ වන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. සැකකරු මහනුවර අම්පිටිය පල්ලේගම ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගැනුණු අතර ඔහු ලග තිබී ජීව අත්බෝම්බයක්,  මත්ද්‍රව්‍ය, පිහියක් සහ තවත් උපකරණ පොලිස් භාරයට ගැනුණා.ඔහු අපරාධ රැසකට සම්බන්ධ මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහිවූවෙකු බවයි පොලීසිය පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2022 19:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්