fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙළඳපළේ කිසිදු කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩක් නෑ – මුදල් රාජ්‍ය ඇමති

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2022 12:21

වෙළඳපළේ කිසිදු කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩක් නෑ – මුදල් රාජ්‍ය ඇමති

වෙළඳපළේ කිසිදු කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආනයනය කළ කිරිපිටි තොගයක් රේගුවේ රඳවා ගැනීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

රජය සෑම විටම ආනයනකරුවන් අනවශ්‍ය අපහසුතාවයට ලක් නොකර කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය. ආනයනික ද්‍රව්‍යවල ගුණාත්මකභාවය විනාශ නොවන පරිදි හැකි කෙටිම කාලයක් තුළ කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

නවසීලන්තයේ සිට ආනයනය කරන ලද කිරිපිටි තොගයක් මෙලෙස රේගුවේ රඳවා තබාගෙන ඇත.අදාළ සමාගම දින 15ක් යන තුරුත් මෙම කිරිපිටි තොගය රේගුවෙන් නිදහස් කරගෙන නොමැත. ආනයන අපනයන පාලන රෙගුලාසි උල්ලංඝණය කරමින් මෙම කිරිපිටි තොගය ආනයනය කර ඇත.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2022 12:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්