ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුව කැඳවීමට දින නියම කෙරේ
Related Articles
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහි නඩුව ජනවාරි 19 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
වෙළෙද අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස සේවකයින් දේශපාලන ක්‍රියාවල යෙදවීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමිනුයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාතට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත්තේ. අල්ලස් පනත යටතේ අල්ලස් කොමිසම නඩුව ගොනුකර තිබෙනවා. සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් මෙම සෙසු විත්තිකරුවන්. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තියේ නීතිඥවරුන් පැවසුවේ නඩුවට අදාළ ඇතැම් ලේඛන තමන්ට ලැබී ඇති බවයි. එම ලේඛන විත්තිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස අධිකරණය අල්ලස් කොමිසමට දැනුම් දුන්නා.