කුඩා දරුවන් ඉලක්ක කරගනිමින් මත්බෝල අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර පෞද්ගලික පාසලක් ඉදිරිපිට වෙළදසැලක් පවත්වාගෙන යමින් විදේශීය රටක නිෂ්පාදිත මෙම මත්බෝල අලෙවි කර තිබුණා. පොලීසියට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමේදී මත්බෝල අඩංගු බෝතල් 65 ක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශීය රටක නිෂ්පාදිත මෙම මත්ද්‍රව්‍ය අලෙවි කළ වෙළදසැලේ තිබී මත්ද්‍රව්‍ය සමග මිශ්‍රකොට ඇතැයි සැලකන ටොෆි වර්ගයක් ද පොලීසිය සොයා ගත්තා. මෙම කිසිදු නිෂ්පාදනයක් හදුනාගත නොහැකි පරිදි සකස් කර තිබූ බවටයි පොලීසිය පවසන්නේ. මෙම වෙළදසැල සම්බන්ධයෙන් දෙමව්පියන්ගෙන් පැමිණිලි රැසක් ලැබී තිබූ අතර ඒ ඔස්සේ තවදුරටත් පරික්ෂණ සිදු කෙරෙනවා.