ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වසර 40 කට පසු පුපුරා යයි
Related Articles
ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද වන හවායිහි පිහිටි මවුනා ලෝවා ගිනි කන්ද වසර 40 කට පසු පුපුරා ගොස් තිබෙනවා.
මේ වනවිට එම ගිනි කන්දෙන් ලාවා පිටවීම ආරම්භ වී තිබෙනවා. එමෙන්ම අලු සහ දැඩි දුමාරයක් ද පිටවන බවයි වාර්තා වන්නේ. ඒ අවට සිටින ජනතාව ඉවත්කර ඇති බව ද විදෙස් මාධ්‍ය සදහන් කරනවා. කෙසේ වෙතත් ඇමෙරිකා භූ විද්‍යා සේවය සදහන් කරන්නේ මෙම තත්ත්වය වේගයෙන් වෙනස්විය හැකි බවයි. ගිනි කන්ද පුපුරායාම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් උපරිම මට්ටමට පැමිණ තිබෙනවා.