සියලුම නිකායන්ගේ එකගතාව මත ථේරවාදී භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පතකට අදාළව නව කෙටුම්පතක් සැකසීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
සියලුම නිකායන් ඉදිරිපත් කළ යෝජනා පදනම් කර ගනිමින් වර්තමානයට ගැලපෙන පරිදි 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කෙරෙනවා. ඒ අනුව නව කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.