fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිසිකළට ගල් අඟුරු නොලැබුණොත් කළුවර ජූලියක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2022 18:06

නිසිකළට ගල් අඟුරු නොලැබුණොත් කළුවර ජූලියක්

නියමිත ගල් අඟුරු නැව් සංඛ්‍යාව නිසි කාලයේදි නොලැබුන හොත් එළඹෙන ජූලි,  අගෝස්තු මාස වනවිට ඉතිහාසයේ විශාලතම විදුලි කප්පාදුවට යෑමේ අවධානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. විදුලි කප්පාදුවක් පිළිබඳ එහෙදි කරුණු අනාවරණය කෙරුණේ මෙලෙසයි.

කෙසේ වෙතත් ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා මීට අදාළව නිවේදනයක් නිකුත් කර තිබුණා. කෙතරම් බාධක පැවතියත් නැව් වාර 35ක සංඛ්‍යාවක් ගොඩ බෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ. 2022 / 2023 වාරය වෙනුවෙන් මේ වන විට නැව් 04ක් සැපයුම් කටයුතු සම්පුර්ණ කර ඇති බවත් පස්වන නැව පුත්තලම නැංගුරම දක්වා යාත්‍රා කරමින් පවතින බවත් එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා. ඉදිරියේ දී ජාතික විදුලිබල පද්ධතියට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම වෙනුවෙන් සියලු විකල්ප මාර්ග කෙරෙහි අවධානය යොමු කරමින් අවශ්‍ය ගල් අඟුරු තොග ලබාදීමට උපරිමයෙන් කටයුතු කරන බව ද එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2022 18:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්