ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයන් තුන් දෙනෙකු අද යුග දිවියට පිවිසුනා.
සුවහසක් ක්රීඩා ලෝලීන්ගේ ආදරය දිනාගත් ක්රිකට් ක්රීඩකයින් තුන් දෙනෙකුට අද මංගල සීනු හැඩවුණා. කසුන් රාජිත, චරිත් අසලංක සහ පැතුම් නිස්සංක යන ක්රීඩකයන් තුන්දෙනායි අද දිනයේ මෙලෙස යුග දිවියට පිවිසුණේ. අද දිනයේ මංගල කටයුතු සිදු වුවද මොවුන් තිදෙනාම ශ්රී ලංකා කණ්ඩායමට අද දිනයේම එක්ව තිබෙනවා ඒ පුහුණු කටයුතු සදහායි. සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩයම හා ශ්රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින ක්රිකට් තරගය ලබන බදාදා පැවැත්වීමට නියමිතව තිබිම ඊට හේතුවයි. ඇෆ්ගනිස්තානයට එරෙහිව මහනුවර පල්ලේකැලේ ඊයේ පැවති තරගයට ද මොවුන් ඇතුලත්ව සිටියා.