fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිනිස් ජාවාරමෙන් ගැලවුණු තවත් කතුන් දෙදෙනෙක් ඕමානයෙන් මව්බිමට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2022 19:14

මිනිස් ජාවාරමෙන් ගැලවුණු තවත් කතුන් දෙදෙනෙක් ඕමානයෙන් මව්බිමට

රැකියා සදහා ඕමානයට ගොස් සිටිය දී විවිධ ගැටලු හා මිනිස් ජාවාරම්වලට මුහුණ දුන් තවත් කාන්තාවන් දෙදෙනෙකු අද දිවයිනට පැමිණියා. ඕමාන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ඔවුන් දැඩි දෝෂදර්ශනයට ලක්කරනවා.

සංචාරක වීසා මගින් ඕමානයේ ගෘහ සේවයට ගොස් සිටියදී විවිධ දුෂ්කරතාවලට හා මිනිස් වෙළෙදාමට හසුවූ ශ්‍රී ලාංකික කාන්තාවන් සම්බන්ධයෙන් පසුගියදා අයිටීඑන් ප්‍රවෘත්ති මගින් හෙළිකෙරුණා. අදාළ අකටයුතුකම්වලට සම්බන්ධ ජාවාරම්කරුවන්ගේ ජාලය මේ වනවිට අනාවරණය කරගෙන ඇති අතර ශ්‍රී ලංකා පොලීසිය හා ඒකාබද්ධව රට පුරා අදාළ වැටලීම් සිදුකරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ. ඕමානයේ සුරක්ෂා නිවාසයේ ශ්‍රී ලාංකික කාන්තාවන් 70 කට අධික පිරිසක් තවමත් රැදී සිටින බව එම නිවාසයේ රැදී සිට දිවයිනට පැමිණි කාන්තාවන් සදහන් කළා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ඕමානයේ ශ්‍රී ලංකා තානපති කාර්යාලයේ තුන්වන ලේකම්වරයා ලෙස කටයුතු කළ ඊ කුෂාන් නමැත්තාගේ වැඩ තහනම් කර ඇති අතර ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය ද අවලංගු කර තිබෙනවා. ඔහු කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2022 19:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්