fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග් වෙන්ග් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2022 17:59

තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග් වෙන්ග් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් වෙයි

තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග් වෙන්ග් එරට පළාත් පාලන මැතිවරණයෙන් පසු පක්ෂ සභාපති ධුරයෙන් ඉවත්ව තිබෙනවා.

සෙනසුරාදා පැවති පළාත් පාලන මැතිවරණයේ දි තම පක්ෂය දුර්වල බව පෙන්නුම් කිරිමේ වගකීම තමන් භාර ගන්නා බවයි ජනාධිපතිවරිය ප්‍රකාශ කර ඇත්තේ. ඒ හේතුවෙන් ඇයගේ පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශිලි පක්ෂයේ නායකත්වයෙන් තමන් ඉවත්වන බව මේ වන විට නිවේදනය කර තිබෙනවා. ප්‍රතිවාදී කේ එම් ටී පක්ෂය තායිපේ අගනුවර ඇතුළු ප්‍රධාන නගර කිහිපයක්ම ජයග්‍රහණය කළා. කෙසේ වුවත් තමන් දිගටම ජනාධිපති ධූරයේ කටයුතු කරන බව ඇය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2022 17:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්