අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීව නමැත්තාගේ ගෝලයෙකු ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් සමඟ විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ කළ වැටලීමකදීයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැණුනේ. මාකේවිට ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අධාර අනුබල දීම, ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීම, හෙරොයින් ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 16 කට වැඩි ප්‍රමාණයක් සොයා ගැණුනා. වැඩිදුර විමර්ශන සදහා මෙම පුද්ගලයා ගම්පහ පොලිසියට භාරදී තිබෙනවා.