අභාවප්රාප්ත ඩී ඒ රාජපක්ෂ මහතාගේ 55 වන ගුණ සමරුව වෙනුවෙන් සමරු දේශනය අද පැවැත්වුණා.
එක් තීරයක්, එක් මාවතක්, තිරසර සංවර්ධනයට උගත හැකි පාඩම් ශ්රී ලංකා චීන රාජ්ය තාන්ත්රික සබදතාවල 65 වන සංවත්සරය සහ දෙරට අතර පැවති රබර් සහල් ගිවිසුමේ 70 වන සංවත්සරයද අරමුණු කරගනිමිනුයි මෙම දේශනය පැවැත්වුණේ. මහාචාර්ය සමිත හෙට්ටිගේ මහතා දේශනය පැවැත්වූවා.
ජනාධිපති රනිල් වික්රමසිංහ, අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, යන මහත්වරුන් මෙන්ම රාජපක්ෂ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.